/
/
title icon කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණ
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණ
Kavindi Yaggahavita
1 month ago
Share:
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණ

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ 2004 වසරේ සිට මේ දක්වා අනුශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන තරගාවලියක ශූරයින් බවට පත්වූයේ 2024 වසරේදීය.

කාන්තා ක්‍රිකට් ඉතිහාසය දෙස අවධානය යොමුකර බැලීමේ දී පළමු වරට ජාත්‍යන්තර තරඟ පිටියකට පිවිස ඇත්තේ 1994  වසරේදී ය. අනතුරුව 1998 වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්තානයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත. ඉන් අනතුරුව 2002 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගයේදී පාකිස්ථාන ක්‍රීඩිකාවන් පරාජයට පත් කර  තරගය ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය. ඉන් වසරකට පසුව 2013 වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ද විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මොවුන්  සමත් විය. ඉන් අනතුරුව වසර පහක් ඉක්මවා ගිය තැන 2008 වසරේ නොවැම්බර් මාසයේ පැවැති තරගයේදී කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ද මොවුන් සමත් විය. ඒ සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීම ශෂිකලා සිරිවර්ධන විසින් සිදුකර ඇත. 2014 වසරේ දී ඉන්දීය කාන්තා කණ්ඩායමක් සමග පැවැති තරඟයේදී ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ම එක්සත් අරාබි එමිර් රාජ්‍ය තුළ පාකිස්තාන හා පැවැති තරගාවලියේදී ද තම ජය තහවුරු කරගැනීමට  ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් සමත් විය.  

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ  සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට හැකි වූයේ 2013 වසරේදී ය. ඒ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරාජය කිරීමට සමත් වීමත් සමඟ ය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වූයේ චමරි අතපත්තුගේ නායකත්වය යටතේ 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා මැලේසියාවේදී පැවැති තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය. ඒත් සමග පොදුරාජ්‍ය මණ්ඩලයේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව 2023 වසරේ ජූනි සහ ජූලි මාස වලදී පැවති එක් දින තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් කිරීමට මොවුන්ට හැකි විය. ඉන්පසුව එංගලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ ද ජය තහවුරු කර ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කිසිදා නොමැකෙන මතක සටහන් එක් කරමිනි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සවර්ණමය වසරක් ලෙස 2024 වසර හැඳින්විය හැකිය. කණ්ඩායම් දහයක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයට තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමිනි. පසුව පැවැති අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානයට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානය තමන් සතු කර ගත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

සසිනි කාවින්දි

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required