/
/
title icon
කෙහෙලියගේ නඩුව යළිත් ගනී - තවදුරටත් ඇප නැහැ, රිමාන්ඩ්
කෙහෙලියගේ නඩුව යළිත් ගනී - තවදුරටත් ඇප නැහැ, රිමාන්ඩ්
Editor
10 months ago
Share:
කෙහෙලියගේ නඩුව යළිත් ගනී - තවදුරටත් ඇප නැහැ, රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 29 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයී.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම වසරේ පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට පසුදින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, එතැන් සිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required