/
/
title icon ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීම
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීම
Kavindi Yaggahavita
1 month ago
Share:
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය නැවත ලිවීම

අප රටේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව සැලකීමේදී ඒ ආශ්‍රිතව කෘතීන් රචනා වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. අසල්වැසි ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව අළලා සිනමා කෘති පවා නිර්මාණය කර තිබුණ ද ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් උත්සාහයන් ගෙන නොමැති බවක් හඳුනා ගන්නට ලැබෙයි. දශක හතරකට වැඩි වූ ක්‍රිකට්  ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව  ලියැවී තිබූයේ විදේශකයෙකු අතිනි.

නිකලස් බෲක්ස් මහතා විසින් රචිත An island's elevan යන්න  එකී කෘතියයි. මෙහි A history of cricket in sri lanka යනුවෙන් කෘතියට පහළින් යොදාගෙන ඇති වාක්‍ය කෘතියෙහි අන්තර්ගතය පිළිබඳව ඉඟි සපයයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නිකලස් බෲක්ස් ක්‍රිකට් ලෝලියෙක් මෙන්ම ලේඛකයෙක් හා  ක්‍රිකට් විශ්ලේෂකයෙක් ද වන අතර ලංකීය ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම කෘතිය ලිවීමට මූලිකත්වය ගත් බව  සඳහන් කොට ඇත.

මෙරට ක්‍රිකට් ආරම්භය පිළිබඳ කරුණු දක්වන   බෲක්ස් වර්ෂ 1832 පමණ බ්‍රිතාන්‍ය පාලකයින් අතින් එය ආරම්භ වූ බව සාක්ෂි සහිතව ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයකි. කෘතියේ අන්තර්ගතය පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී  ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කුමන්ත්‍රණ, දේශපාලන අතපෙවීම්, ලෝක කුසලානය හා සම්බන්ධ තිරයේ පිටුපස කතා ආදී කරුණු රැසක් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලලා විදේශීය ජාතිකයකු අතින් ලියැවුණු මෙකී කෘතිය ලෝක ප්‍රකට විස්ඩන් ක්‍රිකටර්ස් විසින් පිරිනමන ‘වසරේ විස්ඩන් ග්‍රන්ථ’ සම්මානය මෙන්ම වසරේ හොඳම ක්‍රීඩා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වීමද සුවිශේෂත්වයකි.

සසිනි කාවින්දි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required