/
/
title icon චන්දිමාල් එංගලන්තයේ රෝහලකට - ශ්‍රී ලංකාව අසීරු අඩියක
චන්දිමාල් එංගලන්තයේ රෝහලකට - ශ්‍රී ලංකාව අසීරු අඩියක
Editor
1 month ago
Share:
චන්දිමාල් එංගලන්තයේ රෝහලකට - ශ්‍රී ලංකාව අසීරු අඩියක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මහපට ඇඟිල්ලේ  වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල්ව පරීක්ෂාවක් සඳහා එරට රෝහලකට රැගෙන ගොස් තිබෙනවා. 

ඒ අනුව ඔහුගේ ඇඟිල්ලේ ස්කෑන් පරික්ෂාවක් සඳහා බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි. 

මෙම ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කරනු ලැබුවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉනිම සඳහා කඩුළු 06ක් දැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 204ක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required