/
/
title icon
හෙට (02) සිට ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන වැඩසටහන
හෙට (02) සිට ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන වැඩසටහන
1 year ago
Share:
හෙට (02) සිට ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන වැඩසටහන

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර  සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක්, ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන තිබෙනවා.මෙම තත්ත්වය හේතුවෙන්, ලබන 02 වැනි දා සිට 04 වැනි දා දක්වා, එම කොට්ඨාස 29 ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වසරේ මේ දක්වා කාලය තුළ, වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 15,120 ක් පමණ වෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 ක් වන අතර මෙම වසරේ මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required