/
/
title icon
වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිත කරයි - අතිරේක දින දෙක 11 සහ 12
වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිත කරයි - අතිරේක දින දෙක 11 සහ 12
Editor
11 months ago
Share:
වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිත කරයි - අතිරේක දින දෙක 11 සහ 12

පසුගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ.රාජිත කේ. රණසිංහ මහතා පවසනවා. 

ඔහු පෙන්වා දුන්නේ ගත වූ දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි. 

ඡන්ද දායකයින් 712,319 දෙනෙකු 2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, පසුගිය බදාදා, බ්‍රහස්පතින්දා සහ අද දිනයේදී ඒ සඳහා අවස්ථාව ලබාදී තිබුණා. 

ඊයේ මෙන්ම අදත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහායී.

අද දිනයේදී සිය තැපැල්ඡ න්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකයින්ට ලබන 11 සහ 12 යන අතිරේක දිනවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකි වනවා. 

ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඔවුන්ට සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකි වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required