සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 140ක් ලබා සිටිනවා.
අද දිනයේදී කඩුළු 5කට ලකුණු 211ක් ලබා සිටියදී සිය පළමු ඉනිම ඇරඹූ ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 263කට සීමාවුණා.
එහිදී ධනංජය ද සිල්වා ලකුණු 69කට දැවී ගිය අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් ලබා ගත්තා.
එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.
කෙසේ වෙතත්, සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත පිතිකරුවන්ගේ බලාපොරොත්තු සුන් කරන්නට විශ්ව ප්රනාන්දු සහ ලහිරු කුමාර සමත් වුණා.