ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ මට්ටම පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බවත් ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳින බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.
2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය කර තිබෙනවා.