/
/
title icon
සරුවට වගා කර තිබු ගංජා ගස් 12 000ක් තණමල්විල දී පොලිස් අත්අඩංගුවට
සරුවට වගා කර තිබු ගංජා ගස් 12 000ක් තණමල්විල දී පොලිස් අත්අඩංගුවට
Presila Sandaruwani
1 year ago
Share:
සරුවට වගා කර තිබු ගංජා ගස් 12 000ක් තණමල්විල දී පොලිස් අත්අඩංගුවට

උඩවලව විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, උඩවලව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2024.09.08 වන දින මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ තණමල්විල පොලිස් වසමේ අලුත්වැව කන්ද ප්‍රදේශයේ පර්චස් 20 ක, පර්චස් 05 ක හා පර්චස් 20 ක පමණ භූමි ප්‍රදේශයන්  03ක දී.

නීති විරෝධී ලෙස වගා කරන ලද ගංජා ගස් 12,000 ක් පමණ සහිත වූ මෙම වගාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සැකකරුවන් නොමැතිවයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 30 ක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required