එංගලන්තය සහ සංචාරක ශ්රී ලංකාව අතර ඕවල් ක්රීඩාංගනයේ පැවති 03 වන ටෙස්ට් ක්රිකට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 08කින් පරාජයට පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද සමත් වුණා.
දෙවන ඉනිමේදී ලකුණු 219ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවී තිබියදී සිය ඉලක්කය පසුකළා.
ශ්රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබාගත්තා.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 - 1ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි.
ශ්රී ලංකාවේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාව ලකුණු 263ක් ලබාගත්තා.
කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.
එහිදී ලහිරු කුමාර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.
මෙය ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජය ලෙස සටහන් වනවා.