නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස ලබන 14 වන සෙනසුරාදා නම් කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, ඊයේ දිනයට අමතරව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 14 වැනිදා නම් කර ඇති බවත් මෙතෙක් ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා නොගත් ජනතාවගෙන් එදින නිවෙස්වල රැඳී සිටින ලෙස ඉල්ලා සිටින බවත් ය.
එසේම, ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් ද අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.