ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මහනුවර මහජන රැළිය අතරතුර සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු හා තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
රැළිය අතරතුර සිදු කළ රතිඤ්ඤා දැල්වීමක් හේතුවෙන් මොවුන් නවදෙනා තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දැල්වීම සඳහා ගොඩ ගසා තිබූ රතිඤ්ඤා තොගයක් හදිසියේම පුපුරා යාම හේතුවෙන්, ඒ අසළ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව මෙලෙස තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.