ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
මෙලෙස වසා දැමෙන පාසල් 23 වැනි සඳුදා දින නැවත ආරම්භ කිරීමට නියමිතයි.
එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින, පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු වෙනවා.