ප්‍රවීණ මාධ්‍යවේදි සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවා පාලක හා ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක ලෙස කටයුතු කරමින් සිටි සුජීව මහතා, මිය යන විට 59 වන වියෙහි පසු වුණා.
හඬකැවීම් ශිල්පියෙකු ලෙස මෙන්ම ගේය පද රචකයෙකු ලෙස ද ජනාදරය දිනා ගත් ඒ මහතා, රාජ්‍ය සම්මාන හා “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන දිනා ගැනීමට සමත් වූ අති දක්ෂ මාධ්‍යවේදියෙක්.