මෙම වසරේ ගත වූ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.
එය පෙර වසරට සාපේක්ෂව 66% ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එසේම, පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළදී ම සපුරා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.