
විවිධ කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස දුම්රිය බලවේග කට්ටල 12ක් ධාවනයෙන් ඉවත් කර ඇති අතර ඒවාහි අලුත්වැඩියා කටයුතු සඳහා රත්මලානේ පිහිටි දුම්රිය අංගණය වෙත මේ වන විට යොමුකර ඇති බව ද සඳහන්.
නමුත් පවතින කාර්මික නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් එම අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි පැවසෙන්නේ.