
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකුු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
බඩෝවිට හතර වන අදියර ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට සිටියදී අදාළ පුද්ගලයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
බඩෝවිට පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස් නම් 31 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.