/
/
title icon ලෝක සංචාරක දිනය 2024
ලෝක සංචාරක දිනය 2024
Senali Fonseka.
2 weeks ago
Share:
ලෝක  සංචාරක දිනය 2024

ලෝක සංචාරක  දිනය, සත්කාරක රට  හා තේමාව:

   සංචාරක ව්‍යාපාරය යනු ලොව ඇති විශාලතම සේවා කර්මාන්තයයි. සෑම වසරකම සැප්තැම්බර් 27 වන දින ලෝක සංචාරක දිනය සමරනු ලබයි. සංචාරක කර්මාන්තයේ වැදගත්කම සහ එහි ආර්ථික හා සමාජීය බලපෑම් පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම දිනය නම් කර ඇත.  ජෝර්ජියාව 2024 වසරේ  ලෝක සංචාරක දිනය සදහා  සත්කාරකත්වය දරනු ඇත. සත්කාරක රට ලෙස ජෝර්ජියාව සමඟින්, මෙම වසරේ සැමරුම කලාපයේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික සුන්දරත්වය විදහා දක්වයි.  2024 දී, ලෝක සංචාරක දිනයේ තේමාව වනුයේ  “සංචාරක ව්‍යාපාරය සහ ලෝක සාමය” යි. සංචාරක ව්‍යාපාරය සහ ගෝලීය සාමය අතර සම්බන්ධය ඉස්මතු කරමින්  තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සහ අනෙකුත් සංස්කෘතීන් අවබෝධ කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කරයි.

ලෝක සංචාරක දිනයහි ඉතිහාසය : 

   එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) නීති 1970 දී සම්මත කරන ලදී. 1975 දී UNWTO ප්‍රඥප්ති සම්මත කිරීම සැප්තැම්බර් 27 වන දින සමරන ලදී. UNWTO විසින් 1980 දී ලෝක සංචාරක දිනය ස්ථාපිත කළේ සංචාරවල ගෝලීය බලපෑමට ගරු කිරීම සහ සමාජ, සංස්කෘතික සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි එහි වැදගත්කම පිළිබඳ මහජන අවබෝධය වැඩි කිරීම සඳහා ය. 1997 දී ගෝලීය පරිමාණයෙන් සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු විය.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය  : 

   සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තයකි. සියවස් ගණනාවක් පුරාවට නැගෙනහිර ආසියාව සහ යුරෝපය අතර සංචාරය කරන සේද මාවතේ වෙළෙන්දන්, සහ නැවියන් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ  ලංකාව සංක්‍රමණයට, වෙළඳාමට, සහ නැරඹීමට කදිම දිවයිනක් වූ බැවිනි. සාපේක්ෂව කුඩා දූපතක් වුවද රටේ සුවිසල් විවිධත්වය නිසා සංචාරක ආකර්ෂණය පහසුවෙන්ම ලද හැකිය. සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපගේ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ද දියුණුවට පත් වී ඇත. මෙහිදී උඩරට, පහත රට බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවක් ඇති වූ බව පෙනේ. නැගෙනහිර හා බටහිර මුහුදු මාර්ග වල අතර මැද පිහිටා ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පහසුවෙන් ඇතුළු විය හැකි ස්ථානයකි. දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය සහ ආයෝජන ගලා ඒම හේතුවෙන් වෙළෙඳ, ආයෝජන, සන්නිවේදන හා මූල්‍ය සේවා සඳහා ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ගෝලීය සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

අද වන විට ලංකාවේ සංචාරක ව්‍යාපාරය  :

   අද වන විට අපේ රටේ සංචාරක කර්මාන්තය උපරිම ආදායම් මාර්ගයක් ලබන ක්ෂේත්‍රයක් බවට පත්කර ගැනීමට  සැලසුම් අවශ්‍ය වේ. යල් පැනගිය අදහස් වෙනුවට නව සංවර්ධන සංකල්ප ඔස්සේ නව ගමන් ආරම්භ කිරීම වැදගත් වේ. ලෝක සංචාරක  දිනයට [2024.09.27]  සමගාමීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උත්කර්ෂවත් අන්දමින් වැඩසටහන් රාශියක් සංවිධානය කර සංවිධානය කර තිබු අතර   සීගිරි පර්වතය අභියසදී ද සංචාරක දිනයේ නිමිත්තෙන් තවත් උත්කර්ෂවත්  වැඩසටහන් සංවිධානය කර තිබිණි. සංචාරක කලාපවලින් අනූන භූමියක් ලෙස ලංකාව හඳුන්වා දිය හැකිය. මන්ද,  ආකර්ෂණීය ස්ථාන, ස්වභාවික සෞන්දර්ය, හිතකර දේශගුණය, මනරම් වෙරළ තීරය සහ ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වූ  ඉහළ ආගන්තුක සත්කාර වැනි කරුණු අපගේ සංචාරක කර්මාන්තයහි අනාගත දියුණුවට වැදගත් වේ. එමෙන්ම අප රටේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට සමත් වූ බොහෝ ප්‍රදේශ අතර නැඟෙනහිර ප්‍රදේශයේ සේරුවිල, ත්‍රිකුණාමලය, කල්කුඩා, මඩකළපුව සහ පාසිකුඩා ස්ථාන ඒ අතර වැදගත් වේ. ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන මෙන්ම ආගමික වශයෙන් වැදගත් ස්ථාන සංචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත. සංචාරක ව්‍යාපාරයේ බලපෑම සහ වඩාත් තිරසාර සහ සුහද ලෝකයක් නිර්මාණය කිරීමට එහි ඇති හැකියාව හඳුනා ගැනීමට ගෝලීය ප්‍රජාව සමඟ එක්වීම වැදගත් බව කිව හැකිය.

සෙනාලි ෆොන්සේකා. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required