ඉන්ධන මිල සූත්රයට අනුව අද මැදියම් රැයේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 311 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහත දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 283ක් වනු ඇති.
රුපියල් 33කින් ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 319ක්.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.