/
/
title icon පොහොට්ටුව පාවා දුන් පිරිසට මහ මැතිවරණයට නාමයෝජනා නැහැ
පොහොට්ටුව පාවා දුන් පිරිසට මහ මැතිවරණයට නාමයෝජනා නැහැ
Editor
1 week ago
Share:
පොහොට්ටුව පාවා දුන් පිරිසට මහ මැතිවරණයට නාමයෝජනා නැහැ

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවෙකුටත් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබානොදෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. 

කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම පිරිසේ කිසිවෙකුටත් යළිත් පක්ෂයේ ඉහළ තනතුරු ලබානොදෙන බවයි. 

එසේම, යළිත් ඔවුන් පක්ෂයට එක්කර නොගැනීමට පක්ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

ඊට අමතරව මහ ලේකම්වරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required