ලෝක අමද්‍යප දිනය හේතුවෙන් ඔක්තෝබර් මස 03 වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
මේ අතර මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (AIDC) සඳහන් කර ඇත්තේ මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.
මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ද ADIC ආයතනය අවධාරණය කරනවා .
එසේම, මත්පැන් හේතුවෙන් වාර්ෂිකව සිදුවන අකල් මරණ සංඛ්‍යාව 15,000ත් 20,000ත් අතරයි පවතින්නේ.