කෙටි කාලීන බෝග වගා කිරීම සඳහා කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් අක්කර 11,000ක් ගොවීන්ට වෙන්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.
අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.