/
/
title icon
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් කොළ එළියක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් කොළ එළියක්
Presila Sandaruwani
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් කොළ එළියක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත් ඒ අනුව 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා අගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

ලෝක බැංකුව පවසන පරිදි මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇත්තේ කාර්තු හතරක් පුරාවට කර්මාන්ත හා සංචාරක අංශයන් ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනයට දායක වීම මෙන් ම තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත බවයි.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ - වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාවන් මඟිනුයි ඒ බව සඳහන් කර ඇත්තේ.

රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.

"2023 දී කාර්තු හතරක ආර්ථික වර්ධනයකින් සහ ජංගම ගිණුමේ අතිරික්තයකින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ස්ථායිකරණය සැලකිය යුතු සන්ධිස්ථානයක්" යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required