/
/
title icon
අගමැති - ඇමති මුද්දර නිකුත් කිරීම ගැන නිවේදනයක්
අගමැති - ඇමති මුද්දර නිකුත් කිරීම ගැන නිවේදනයක්
Presila Sandaruwani
1 year ago
Share:
අගමැති - ඇමති මුද්දර නිකුත් කිරීම ගැන නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තුව විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිතව නිකුත් කළ මුද්දර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි දක්වා ඇත්තේ සමරු තිළිණ ලෙස පමණක් අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර නිකුත් කළ බවයි.

එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හි දී මෙසේ පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම සිදු කරන බවයි එහි සඳහන් වන්නේ.

තව දුරටත් එහි දක්වා ඇත්තේ මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවයි.

එමෙන් ම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

df2f17394c25750a2a57f59fa4115066.jpg

ලෝක තැපැල් දින ජාතික සැමරුම ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැති අතර ඒ සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වූවා.

එහි දී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක් ද ප්‍රදානය කෙරුණා.

මෙම සමරු ලෙස අගමැතිවරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required