හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා.
ඒ 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක සිටි අවස්ථාවේ මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි යන චෝදනාව මතයි.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
එමෙන් ම අධිකරණය විසින් විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් තව දුරටත් නියෝග කරනු ලැබුවා.