Joker 2 චිත්‍රපටය පසුගියදා ලොවවටා තිරගත වීම ඇරඹුණා. Joaquin Phoenix, Lady Gaga, Zazie Beetz ප්‍රධාන වශයෙන් මෙහි රංගනයෙන් දායක වන අතර Tod Phillips විසින් මෙය අධ්‍යක්ශනය කර තිබෙ.
පළමු චිත්‍රපටයේ වියදම මෙන් සිව් ගුණයකට ආසන්න වියදමක් දරා දෙවැන්න නිර්මාණය කර තිබුණත්, එය බ්‍රහස්පතින්දා ප්‍රිවීව්ස්වලින්ද සොයා තිබුණේ පළමු චිත්‍රපටය මෙන් හරි අඩක ආදායමකි. (මිලියන 7 යි).
චිත්‍රපටය මේ වනවිට The Marvels 2023 චිත්‍රපටයටත් වඩා අසාර්ථක තියටර් රන් එකකයි සිටින්නේ.Deadline මගින් පවසන ආකාරයට චිත්‍රපටයේ ඕපනින් එක ඩොලර් මිලියන 50 ක් බව අනුමාන කරත් ඒ ආසන්නයටවත් යයිද කියල නම් හිතන්න අමාරුයි.
මේ ආකරයටම දිගටම ගියහොත් චිත්‍රපටය ෆ්ලොප් වෙලා නවතින අවධානමකයි තියෙන්නේ.ඒ වගේම චිත්‍රපටයට සිතූ තරම් ප්‍රේක්ෂක හෝ විචාරක ප්‍රසාදයක් නොලැබෙන බව පෙනෙමින් තියෙනවා.
පළමු චිත්‍රපටය එන්න එන්නම පැසසුම් ලැබුවත් දෙවැනි චිත්‍රපටයට නම් මේ වෙද්දී දෙගොල්ලොන්ගෙන්ම ලැබෙමින් තියෙන්නේ ගොඩක් මිශ්‍ර ප්‍රතිචාර බව නම් පැහැදිලියි.IMDB තුළ දැනට 5.7/10 කුත්, Rotten Tomatoes එකෙත් 51% කුත් පමණයි චිත්‍රපටයට ලැබී ඇත්තේ.දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක පාඩුවක් ඔවුන්ට දරන්නට සිදුවෙ.
දිලීප රණවීර.