/
/
title icon
කඩුළු 800 ලෝක ශූරයා.
කඩුළු 800 ලෝක ශූරයා.
Thisara Rajapaksha
2 months ago
Share:
කඩුළු 800  ලෝක ශූරයා.

දුස්රා පන්දුවෙන් ලෝක පූජිත ක්‍රීඩකයන් දන ගැස්වූ ප්‍රබල දඟපන්දු යවන්නා,ඔහු තම අරමුණ වෙනුවෙන් තම ජීකාවම ක්‍රීඩාව වෙනුවෙන් කැපකළ දෙමළ දඩබ්බර ක්‍රීඩකයා, මුත්තයියා මුරලිදරන් ය.

1972 අප්‍රේල් 17 මහනුවර දී සින්නසාමි මුත්තයියාටත්, ලෂ්මිණී මුත්තයියාටත් දාව මුත්තයියා මුරලිදරන් උපත ලැබී ය. මුරලිදරන්ට සහෝදරයින් සිවුදෙනෙකු විය.

වර්ෂ 1977දී ඇති වූ සිංහල දෙමළ භීෂණයෙන් සිය ජීවිතය රැකගත් මුරලි අධ්‍යාපනය ආරම්භ කරනුයේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙනි. කුඩා කල සිට ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ ඔහු තම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමට මද වේගපන්දු යවන්නෙකු ලෙස එක් විය. පුහුණුකරු සුනිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වයස අවුරුදු 14 දී දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩාවට අවතීර්ණ විය. පුරා අවුරුදු හතරක් සිය පාසලේ 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළ මුරලිදරන්, 1990-1991 කාලයේ වසරේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව වර්ෂ 1992 දී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ ය. 1993 දී මෙම ක්‍රීඩාංගනයේ දී ම ඉන්දියාවට එරෙහිව එක්දින ( ODI ) වරම් හිමිකරගත් අතර, නවසීලන්තයට එරෙහිව 2006 දී විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩා වරම් හිමි කර ගත්තේය.

මුරලිදරන් ඉතාමත් පහසුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි අයෙකු නොවේ. ඔහුට ප්‍රසංශාවට වඩා විවේචන, දෝශාරෝපණ ගැරහීම් නොඅඩුව ලැබිණි. බොහෝ දෙනා පැවසූයේ මුරලි පන්දුව දමා ගසන බවයි. 1995 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟයේ දී විනිසුරු ඩැරල් හෙයාත්, 1996 දී බටහිර ඉන්දීය කොදෙවුවන්ට එරෙහිව පැවති තරඟයේ දී විනිසුරු රෝස් එවර්සන් හා ටෝනි මැක්කුයිලන් ද මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළේ ය.

මුරලි මේ වන විට තම දක්ෂතාවයන් රිසි සේ ක්‍රීඩා පිටියේ පෙන්වමින් ඉහළට ම නැගී එන්නට වූයේ ය. බොහෝ දෙනා පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ෂේන් වෝන් හා මුරලි අතර වැඩිම ටෙස් කඩුලු රැස් කිරීමේ කරට කර තරගයක් පවතින බවයි. මේ නිසාම ඕස්ට්‍රේලියනුවන් මුරලි පිලිබඳව අසත්‍ය ප්‍රකාශ පිට පිට පතුරවන්නට වූයේ ය. මෙනිසාම මුරලිදටන්ගේ පන්දු යැවීම පිළිබදව පරීකෂා කිරීම සදහා ඕස්ට්‍රේලියාවේදි  ICCන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළේ ය. මෙයින් මුරලිගේ අතේ වැලමිට අසාමාන්‍ය ලෙස පිහිටා අති බවත් මුරලිගේ පන්දු යොමු කිරීම නිවැරදි බවත් ICC ය මගින් තීරණය කළේ ය.

1996 දී බටහිර ඉන්දිය කොදෙවුවන්ට එරෙහිව පැවති තරගයේ විනිසුරුවන් වූ රෝස් සහ ටෝනි මුරලිගේ පන්දු නිපන්දු ලෙස සනාත කළේ ය. එහි දී නායක අර්ජුන රණතුංග විනිසුරුවන් සමඟ බහින්බස් වී සිය කණ්ඩායම පිටියෙන් ඉවතට ගෙන මුරලිගේ ගැටලුව ඉළට දන්වමින් එය නිරාකරණය කළේ ය. නායක අර්ජුන රණතුංග එලෙස නොකළේනම් අද වන විට මුත්තයියා මුරලිදරන් නම් ක්‍රීඩකයෙක් අපට අහිමි වී හමාර ය.

1996 දී ලෝක කුසලානය මෙරටට ලබා ගැනීම සඳහා පන්දු යවන්නකුගේ වගකීම මුරලිදරන් අකුරට ම සිදුකළේ ය.මොහු ක්‍රිකට් ක්‍රීඩාවෙහි ලෝක වාර්තා 15කට හිමිකම් දරණ ක්‍රීඩකයෙකි.

  1. ටෙස් පිටියේ කඩුලු 5ක් 67 වතාවක් ලබා ගැනීම.
  2. කඩුලු 10 බැගින් වාර 22 ලබා ගැනීම.
  3. ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව එක් වරක් හෝ තරගයකදී හඩුලු 10ක් බිඳ හෙළන්නට සමත්වීම.
  4. හැම කණ්ඩායමකටම එරෙහිව කඩුලු 5හේ වාර 5ක් ලබා ගැනීම.
  5. අඩුම තරඟ වාර ගණනකින් කඩුලු සංධිස්ථාන වෙත යාම.
  6. පිට පිට වැඩිම වාර ගණනක් කඩුලු 10බැගින් තරග 4ක දී ලබා ගැනීම.
  7. ටෙස්ට් පිටියේ සෑම රටකටම එරෙහිව කඩුලු 50ක් ලබා ගැනීම.
  8. පන්දු කඩුල්ල වෙත යොමුකර කඩුලු 157ක් ලබා ගැනීම.
  9. තමන් යැවූ පන්දුවෙන්ම තමන් විසින්ම උඩපන්දු ලබාගත් අවස්ථා 31 ලබා ගැනීම.
  10. කඩුල්ල මුව කිරීමේ වරදින් (LBW)කඩුලු 41 ලබා ගැනීම.
  11. වැඩිම ටෙස් පන්දුවාර 44039 යොමු කිරීම.
  12. තම මව් රට තුළ වැඩි ම කඩුලු 493ක් ලබා ගැනීම.
  13. ICC ශ්‍රේණිගත කිරීම්වල හොදම පන්දු යවන්නා ලෙස වාර 1711ක් ලබා ගැනීම.
  14. එක් දින තරඟවල දී කඩුලු 534ක් ලබා ගෙන වැඩිම කඩුලු ලාබියා වීම.

මුරලිදරන්ගේ අනර්ගත ම ලෝක වාර්තාව වනුයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාබියා වීමයි.2018 ජූලි මාසයේ 18 දින ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී කඩුලු 792ක් ලබා සිටි මුරලදරන් සිය අවසාන ටෙස් තරගයේ දී ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක් ලබා ගනිමින් කඩුලු 800ක් ලබා ගත් ලොව පලමු ක්‍රීඩකයා වශයෙන් වාර්ථා අතරට පැමිණිමයි.

එක දින තරග, ටෙස්ට් තරග, විස්සයි විස්ස තරග හා ලීග් තරග සදහා පන්දුවෙන් තම දායකත්වය ලබා දුන්නේ ය. 2010 වසරේ දී ටෙස්ට් තරගවලිනුත්, 2011 වසර වලදී එක්දින තරග වලිනුත් , 2011 දී විස්සයි විස්ස තරගවලිනුත් ඉවත්වී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට සමුදුන්නේය. 2014 වසරේදී ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟවලට සමුදුන් මුරලිදරන් සිය බිරිද වූ මධිවලර් රාමා මූර්ති සමග තම ව්‍යාපාර කටයුතු ආරම්භ කලේය. මුරලිදරන්ගේ ජීවිත කතාව දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන එම්. එස්. ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කොට 800 ලෙසින් 2023 වසරේදී එළි දක්වන ලදී.

සිය අරමුණු වෙනුවෙන් අනේක විද දුක් කම් කටළු විදිමින් තම අරමුණු සපල කරගත් මුරලිදරන් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ලොවට පෙන්වාදුන්නේ ක්‍රීඩාවට ආගම් , ජාති හා කුල බේද නොමැති බවයි.ඔහු බොහෝ රසිකයන්ගේ හදවත් වල රැදි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස මෙනික කිව හැකිය. උත්සහය කිසි විටෙකත් අත් නොහරින්න ජයග්‍රහනය ඔබ පසු පස හඹා එන බව මුත්තයියා මුරලිදරන් ක්‍රියාවෙන් ම අපට පෙන්වාදී ඇත.

තිසාරා රාජපක්ෂ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required