ඊයේ දින ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 82කින් පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වුණා.
එම ඉනිම වෙනුවෙන් හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 52ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 50ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.
ඒ අනුව තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ මූලික වටයේ පළමු තරග තුන ම පරාජය වූ අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණයි.