/
/
title icon
අපේ කාලයේ කාටුන් සිත්තරා
අපේ කාලයේ කාටුන් සිත්තරා
Manjula Disanayaka
1 month ago
Share:
අපේ කාලයේ කාටුන් සිත්තරා

කාටුන් කියන්නෙම කලාවක් ඒ කලාව එක්ක ජීවත් වෙන අපේ කාලයේ ඉතා දක්ෂ කාටුන් සිත්තරෙක් එක්ක අද සාකච්ඡාව ඉදිරියට කරගෙන යාමට සූදානම්.

ආයුබෝවන් !

ආයුබෝවන් !

01.කවුද මේ රෝහන අගලකුඹුර කියන්නේ? 

රෝහන අගලකුඹූර කියන්නෙ ඔබ අතරම ඉන්න සරල පුද්ගලයෙක් .

02. අපි කතා කරමු ඔබගේ ලමා කාලය ගැන වචන කිහිපයකින්  මං හිතනවා ඉතා සුන්දර ලමා කාලයක් තියෙන්න ඇති කියලා.

 මගෙ ළමා කාලය ගෙවුනෙම පරිසරය එක්ක.අදටත් මතක් වෙද්දී ඒ මතක සුන්දරයි .

03.කවි කාරයෙක් දක්ෂ සිත්තරෙක්,කාටුන් අදින්න වගේම නිර්මාණශීලි නිර්මාණ  බොහෝමයක් ඔබ මේ වන විට  කරලා තියනවා.ඔබ කුමන කාලයේද මේ සාහිත්‍යය, නිර්මාණශීලි පැත්තට යොමු වෙන්නේ.

පුංචි කාලෙ ඉදන් ම ලියන්න ,අඳින්න ආසයි.කවදාවත් චිත්‍ර විෂයක් විදියට කරල නැහැ .මිහිර පත්තරේට එහෙම ලිව්ව මතකයි.

04.ඕනම කෙනෙක්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියනවා.ඔබේ ජිවිතේ ඔබ හිතන විදිහට ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය උනේ කුමක්ද?

මම උසස් පෙල කළේ ගණිත අංශයෙන් .සාහිත්‍ය තරඟයකින් මගෙ කෙටි කතාවක් පලමු තැනට තේරුනා .මට ලියන්න පුලුවන් කියල හිතුනෙ එදා වටිනා සහතිකයක් ලැබුන දවසෙ.

05.ඔබේ කාටුන් දේශපාලනයට තරමක් බර වෙච්ච ස්වරූපයක් තියනවා ඒ ගැන අදහසක් දෙන්න පුළුවන් ද?

 කාටූන් අඳින්න මං වඩාත්ම කැමතියි .මිනිස්සුන් ගෙ හදවත් වල තියෙන දහසක් දේ එක කාටූන් එකකින් අඳින්න පුලුවන් .නිධානයක් වගෙ රටක් හිඟන තත්ත්වය පත් කළේ මේ රටේ පාලකයො .ඒ ඇත්ත කාටූන් එකකින් ඉදිරිපත් වෙද්දී එතැන ට අනිවාර්යයෙන්ම දේශපාලනය එකතු වෙනව.

06.වර්තමානයේ කාටුන් කලාව ගැන මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ.

 වර්ථමානයෙ දක්ෂ කාටූන් ශිල්පීන් ගොඩක් ඉන්නව .ඇත්තෙන්ම ඒ අය සත්‍යය ජනගත කිරීමට ගන්නා වෙහෙස අගය කළ යුතුමයි .

07. ඔබ වචන වලින් අරගල කෙනෙක් නේද   ඔබට ඒ ගැන කුමක්ද කියන්නේ.

 මට යම් හැකියාවක් තියෙනව.ඒ හැකියාවන් මම පීඩිත මිනිස්සුන් ගෙ හඬක් වෙනුවෙන් භාවිතා කරනව.එය යම් අරගලයක් තමයි.

08.මේ දවස් වල කරන සහ කරන්න ඉන්න අලුත් වැඩ මොනවද කියල දැනගන්න කැමතියි.

කවි පොතක් සහ කාටූන් පොතක් එලිදක්වන්න හිතාගෙන ඉන්නව .බොහෝ දුරට එය ලබන වසරෙදි සිදුවේවි .

09.ඔබ ගොඩක් වෙලාවට කාටුන් වගේම කවි නිසදැස් චිත්‍ර වගේ දේවල් වලින් සමාජෙට යම් දෙයක් දෙන්න උත්සාහ කරන බවක් පේනවා.ඔබට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ

ඇත්තෙන්ම නිර්මාණකරුවෙකු සමාජයට යම් පණිවිඩයක් දිය යුතුයි.එවිට නිරායාසයෙන් ම මිනිසුන් ඔහුට ආදරය කරාවි .මම ලබන්නට කැමතිම ඒ ආදරයයි

ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි ඔබට.
 

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required