/
/
title icon
රොටවැව වන අලි දුම්රියේ ගැටීම ගැන සොයන්න ත්‍රි පුද්ගල කමිටුවක්
රොටවැව වන අලි දුම්රියේ ගැටීම ගැන සොයන්න ත්‍රි පුද්ගල කමිටුවක්
News Editor
11 months ago
Share:
රොටවැව වන අලි දුම්රියේ ගැටීම ගැන සොයන්න ත්‍රි පුද්ගල කමිටුවක්

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය - රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වන අලි රංචුවක් හසුවීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා කියා සිටියේ දුම්රිය මාර්ග, ධාවනබල හා මෙහෙයුම් යන අංශ පිළිබඳ ඉංජිනේරු ප්‍රධානින්ගෙන් මෙම ත්‍රී පුද්ගල කමිටුව සමන්විත බවයි. 

ලබන සඳුඳා කමිටුව මුල්වරට රැස්වීමට නියමිතව ඇති අතර, සති දෙකකින් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති. 

ඉන්ධන දුම්රියේ වන අලි රංචුව ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තවත් වන අලියෙකු බරපතළ ලෙස තුවාල ලැබුවා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required