/
/
title icon
කිරම ඔයේ ජල මට්ටම ඉහළට, අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි අනතුරු අඟවීම්
කිරම ඔයේ ජල මට්ටම ඉහළට, අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි අනතුරු අඟවීම්
10 months ago
Share:
කිරම ඔයේ ජල මට්ටම ඉහළට, අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි අනතුරු අඟවීම්

කිරම ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගොඩ මහතා පවසා තිබෙන්නේ බෙලිඅත්ත, තංගල්ල, වලස්මුල්ල, ඔකේවෙල ප්‍රදේශවල කිරම ඔය අවට ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි.

කිරම ඔයෙන් වරාපිටිය ජලාශයට අඩි 3 බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර කැකිරියගොඩ ජලාශයට අගල් 14 බැගින් වාන් දොරටුවක් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required