/
/
title icon
11.11 විශේෂ ඇයි ?
11.11 විශේෂ ඇයි ?
Thisara Rajapaksha
1 month ago
Share:
11.11 විශේෂ ඇයි ?

11.11 දිනය තනිකඩයන්ගේ දිනය ලෙස සැලකෙයි.එය වාර්ෂිකව නොවැම්බර් 11 වන දින පවත්වනු ලබන ප්‍රධාන සාප්පු සවාරි උත්සවයක් ලෙස ද දැක්වේ. චීනයෙන් ආරම්භ වූ එය මුල දී තනිකඩ පුද්ගලයන්ට ඔවුන්ගේ තත්ත්වය සැමරීමේ දිනයක් විය. කෙසේ වෙතත්, එය විවිධ ඊ-වාණිජ්‍ය වේදිකාවල දැවැන්ත වට්ටම් සහ ප්‍රවර්ධන සමඟින් ලොව විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි සැණකෙළිය බවට පරිණාමය වී ඇත .මෑත වසරවල දී, එය ගෝලීය වශයෙන් ජනප්‍රිය වී ඇති අතර, චීනයෙන් පිටත බොහෝ සිල්ලර වෙළෙන්දන් ද මෙම දිනයේ සැලකිය යුතු ගනුදෙනු සිදු කරනු ලබන බව ද දැකගත හැකිය.

කෙසේ වෙතත් මෙම 1111 විශ්වාකර්ෂණ නීතියට අනුව ඒන්ජල් නම්බර් තුළ ප්‍රභලත ම කම්පන සංඛ්‍යාතයක් සහිත සංඛ්‍යාවක් වන නිසා මෙම දිනය විශේෂ වන බවට ද විස්වාසයන් ඇත.තනිකඩයන්ගේ දිනයට වඩා මෙම කාරණය අද වන විට බොහෝ දෙනා මෙම 1111 පිළිබඳ පිළිගන්නා මතයයි.

ඒන්ජල් නම්බර්ස්.

මෙම 11.11නොහොත් නොවැම්බර් 11 යනු විශ්ව ශක්තිය මහා පරිමානයෙන් විශ්වය දෙසට ගලාගෙන එන වසරකට එක වතාවක් පමණක් යෙදෙන දිනයකි.එනම් විශ්වයේ භාෂාව ගණිතයයි.එම නිසා විශ්වය විසින් පෘථිවියට පණිවිඩ එවීමේ දී ඉලක්කම් එනම් 'ඒන්ජල් නම්බර්ස්' තුළින් සිදු කරනු ලබන බවට පිළිගැනෙයි.මෙම ඒන්ජල් නම්බර්ස් සඳහා විවිධ තේරුම් ඇත.බලවත් කම්පන සංඛ්‍යාතයක් සහිත ඉලක්කම් මේ සඳහා භාවිතා වේ.විශ්වාකර්ෂණ නීතියට අනුව මෙම තුන් වන තලයේ සිටින මිනිසුන් සමඟ ගාඩියන් දේව දූතයන් ගනුදෙනු කිරීමට මෙම ඉලක්කම් යොදා ගන්නා බව කියැවේ.මෙම ඒන්ජල් නම්බර්ස් සඳහා විවිධ වූ කම්පන සංඛ්‍යාතයන් ඇත.

අංක විද්‍යාව හරහා බොහෝ විට යමෙකුගේ චරිතය කියවීමට හැකියාවක් පවතියි.එහි දී පැහැදිලි වනුයේ ලෝකයේ පවතින සංඛ්‍යා තුළ විශාල ශක්තියක් අන්තර්ගත බවයි.එම සංඛ්‍යා අතර විශාල කම්පන ශක්තියක් සහිත සංඛ්‍යා මෙම ඒන්ජල් නම්බර්ස් යටතට ගැනෙයි.ඒවා 1111,2222,3333,4444,5555ආදිය වේ.

ගාඩියන් ඒන්ජල්ස්.

මොවුන් මිනිසාගේ ආරක්ෂාව සහ මඟ පෙන්වීම සඳහා දෙවියන් විසින්,විශ්වය විසින් එවන ලද දේවදූතයන් බවට විශ්වාකර්ෂණ නීතිය තුළ විස්වාස කෙරෙයි.විවිධ ආගමික සම්ප්‍රදායන් හරහා ගාඩියන් දේවදූතයන් පිළිබඳව විවිධ ආකාරයෙන් පෙන්වා දී ඇත.

ක්‍රිස්තියානි ධර්මය තුළ ආරක්ෂක දේවදූතයන් පිළිබඳ විශ්වාසය ක්‍රිස්තියානි දේවධර්මය තුළ ගැඹුරින් දක්වා ඇත. සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය පුරාම ඔවුන්ට මඟ පෙන්වීමට සහ ආරක්ෂා කිරීමට දෙවියන් වහන්සේ විසින් පවරන ලද ආරක්ෂක දේවදූතයෙකු ඇතැයි සැලකේ.ජේසුස් වහන්සේ "කුඩා දරුවන්ගේ" දූතයන් ගැන සඳහන් කරන අතර, ඔවුන්ගේ ආරක්ෂිත භූමිකාව ඒ තුළ දක්වා ඇත. කතෝලික පල්ලිය මෙය අවධාරනය කරයි.තෝමස් ඇක්වයිනාස් වැනි දේවධර්මාචාර්යවරුන් සඳහන් කරන්නේ දේවදූතයන්, බොහෝ විට පහළම දේවදූතයන් කණ්ඩායමෙන්, ආරක්ෂකයින් සහ මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරන බවයි.පල්ලිය විසින් ඔක්තෝබර් 2 වන දින ගාඩියන් දේවදූතයන්ගේ මංගල්‍යය ද සමරනු ලබන අතර මිනිසුන් සහ දෙවියන් අතර අතරමැදියන් ලෙස මෙම දේවදූතයන්ගේ භූමිකාව හඳුන්වනු ලබයි.

යුදෙව් ආගම තුළ ද ආරක්ෂක දේවදූතයන් පිළිබඳ සංකල්පය දක්නට ලැබේ. රබ්බිවරුන්ගේ සාහිත්‍යය යෝජනා කරන්නේ ආරක්ෂක දේවදූතයන් නිශ්චිත පුද්ගලයන්ට හෝ ජාතීන්ට පවා සේවය කරන බවයි. නිදසුනක් වශයෙන්, දානියෙල් පොතේ , දේවදූතයන් නිශ්චිත ප්‍රදේශ හෝ මිනිසුන් ආරක්ෂා කරන ලෙස නිරූපණය කර ඇති අතර, මයිකල් ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙස හඳුනාගෙන ඇත.පුද්ගලයන්ට පවරා ඇති දේවදූතයන් පිළිබඳ අදහස ගීතාවලිය 91:11 වැනි පාඨවල දක්නට ලැබේ. එහි සඳහන් වන්නේ මිනිසුන්ව ඔවුන්ගේ සියලු මාර්ගවලින් ආරක්ෂා කරන ලෙස දෙවියන් වහන්සේ තම දූතයන්ට අණ කරන බවයි.

ඉස්ලාමයේ, සෑම පුද්ගලයෙකුටම දේවදූතයන් දෙදෙනෙකු පත් කර ඇත. එනම් යහපත් ක්‍රියා වාර්තා කිරීමට සහ නරක ක්‍රියා වාර්තා කිරීමට බව කුරානයේ විස්තර කර ඇත. මෙම දේවදූතයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පුද්ගලයන් සමඟ සිටින බව විශ්වාස කෙරේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත නොමැතිව කිසිවක් සිදු නොවන බව සහතික කරයි. මීට අමතරව, ක්‍රිස්තියානි ධර්මයේ සහ යුදෙව් ආගමේ මෙන් සමාන ආරක්ෂක සහ මාර්ගෝපදේශක කාර්යයක් පිළිබිඹු කරමින්, දැහැමි මාවතේ පුද්ගලයන්ට මඟ පෙන්වීමට ආරක්ෂක දේවදූතයන් උදව් කරන බව ඉස්ලාම් ධර්මයේ ද සඳහන් වෙයි.

සමස්ථයක් ලෙස මෙම ගාසියන් දේවදූතයන් පුද්ගලයන්ගේ අධ්‍යාත්මික ගමනේදී ආරක්ෂා කිරීම සහ උපකාර කිරීම සිදු කරනු ලබන අතර එම උපකාර කිරීම් සඳහා ඉහත සඳහන් කරන ලද ඒන්ජල් නම්බර්ස් යොදාගන්නා බව විශ්වාකර්ෂණ නීතියේ දී පිළි ගැනෙයි.

1111.

1111 ඒන්ජල් නම්බර් යනු මිනිසාගේ සාර්ථකත්වය පෙන්නුම් කරන සංඛ්‍යාවකි.මෙයින් විශ්ව ශක්තිය සහ ගාඩියන් දේවදූතයන් නිරන්තරයෙන් ළඟින් සිටින බව කියැවේ.එනම් 1111 යනු ඉතා බලවත් විශේෂිත වූ කම්පන සංඛ්‍යාතයක් සහිත සංඛ්‍යාවකි.මෙම ඉහළ ම සංඛ්‍යාතයක් සහිත ඒන්ජල් නම්බර් වන 1111 යෙදෙන දිනය ලෙස නොවැම්බර් 11 දැක්විය හැකිය.මෙම දවස ඉතා ඉහළ කම්පන සංඛ්‍යාතයක් සහිත දිනයක් වේ.එම ඉහළ කම්පන සංඛ්‍යාතය නිසා විශ්වයේ ඉහළ තලයන් සහ තුන් වන තලය අතර ඇති ඝනත්වය තුනී වේ.එම නිසා විශ්ව ශක්තිය ඉතාමත් ම වේගයෙන් සහ මහා පරිමාන ලෙස ගලා එන දිනයක් ලෙස නොවැම්බර් 11 විශ්වාකර්ෂණ නීතිය තුළ දැක්වේ.මෙම දිනය විශේෂයෙන් වැදගත් වනුයේ පුද්ගලයන්ගේ යතාර්ථය ඉතාමත් ම කැමති ම තලයකට ගෙන යෑමටයි.මෙම දිනයේ දී පුද්ගලයකු තම කම්පන ශක්තිය ධනාත්මක ලෙස භාවිත කිරීමෙන් විශාල කම්පන ශක්තියක් සහිත විශ්වය තුළින් එම බලාපොරොත්තු ආකර්ෂණය කරගත හැකි වේයැයි විශ්වාකර්ෂණ නීතිය තුළ විස්වාස කෙරෙයි.අලිඑක්ස්ප්‍රස්(Aliexpress), අලි බබා(Alibaba), ශෙඉන්(Shein), ඩරාස්(Daraz) වැනි ව්‍යාපාර තුළ වට්ටම් සහිතව මෙම 1111 දක්වා ඇත්තේ ද මෙම විශ්වාකර්ෂණ නීතිය හේතුවෙනි.එම දිනයේ දී මෙම වට්ටම් සඳහා පාරිභෝගිකයන් වැඩි පිරිසක් තම ව්‍යාපාරය සමඟ රඳවා ගැනීම තබා ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි.

මෙම දිනය සෘණාත්මක සියළු දෙයින් ඈත්ව ධානාත්මක අයුරින් ගත කිරීම තුළින් ඕනෑම පුද්ගලයකුට සාර්ථකත්වය කරා ළඟා විය හැකි බව විශ්වාකර්ශන නීතියේ 1111 දිනය පිළිබඳ දැක්විය හැකිය.

තිසාරා රාජපක්ෂ. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required