Halloween මාසයටම නිශ්පාදනය වන Terrifier චිත්රපට මාලාවෙ තුන් වෙන්න පසුගියදා ලොව වටා Box office ආදායම මිලියන 70ත් පහු කලා. සුවිශේෂී කරුණ වන්නේ චිත්රපටය නිශ්පාදනය කිරිමට වියදම් වී ඇත්තේ ඇ.ඩො. මිලියන 2ක් පමණයි.
ඒ වගේම පෙර Terrifier චිත්රපට දිවිත්වයටම වඩා ලොකු මුදලක් මෙවර ඔවුන් උපයාගෙන තියෙනවා. මෙහි අධ්යක්ෂක Damien leone පවසන ආකාරයට යක්ශයෙක් මනුශ්යයින්ගේ ලෝකෙට එන්න තියෙන හොදම විදිය Serial Killer කෙනෙක් විදියට කියන එක. කතාවට අනුව මෙහි ප්රදාන චරිතය ක්රිස්තු දහමත් සමග බැලුවොත් යක්ශයෙක්. මෙහි එන කාන්තා චරිතය දෙවියන් හා සම්බන්ද කෙනෙක්. එහෙයිනි ඇයගෙ තුවාල ඉක්මනින් සුවවන්නෙත් සහා ඇයට යක්ශයන් දමනය කරන්න බලයක් ද හිමිව තිබෙනවා. කාන්තා චරිතයගෙ පියා කතාවේ විශාල රහසක් දන්නා බවද පෙනී යන කරුණක්. ඉදිරියට මෙම චිත්රපට මාලාව තවත් ලස්සන කතා එක්ක නිර්මාණය වෙන බවයි පෙනි යන්නේ.
චිත්රපටයේ ලොකු අර්ථයක් නම් නෑ 3 ලොකුවට අරථයක් හොයන්නෙත් නෑ හැබැයි Saw,WrongTurn,Chucky,Hatchat,Fridy 13th,Nightmare on elstream,Haloween,Texas Chain saw,Scream වගේ චිත්රපට තරම් නොවුනත් සාපේක්ශව හොද චිත්රපටයක් කියල නම් කරන්න පුලුවන් .
දිලීප රණවීර.