දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළා.
ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති.
එම ක්‍රියාවලිය සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා.
දැනට නිකුත්කර ඇති බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබාදී තිබෙනවා.