අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ වී ඇතුළු වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු පවසන්නේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ළුෑණු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බවයි නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ.
රට තුළ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම සිදුකරන බවද ඔහු සඳහන් කළා.
එසේම විනාශ වී ඇති, පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඉහත දැක්වූ භෝග ඇරුණු කොට උඩරට හා පහතරට එළවළු ගොවීන්ට හා පලතුරු ගොවීන්ටත් විශාල වශයෙන් හානි සිදුව ඇතැයි පැවසු නාමල් කරුණාරත්න මහතා, ඔවුන්ටත් යම් සහනයක් ලබාදීමට නියමිත බව ද අනාවරණ කළා.