නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද පස්වරු 2.30 පමණ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.
එය සුළි කුණාටුවක් ලෙසින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර තමිල්නාඩු වෙරළ වෙත හෙට දිනයේදී ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
අද දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි අපේක්ෂා කරනවා.
දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කරනවා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.