කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් සඳහා ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශන නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම කප්පාදු කර ඇති බවයි ඔවුන් දැනුම් දෙන්නේ.