කථානායක අසෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් මහතා මේ බව කියා සිටියේ කෙළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
කථානායකවරයා මුල් අවස්ථාවේදී ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බව ඔහු සඳහන් කළා.
ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත්, මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද දායකත්වය ලබා දෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.