
කථානායක අසෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරියට දන්වා යවා ඇතැයි වාර්තා වනවා.
කථානායක අසෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා.
ඒ, තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජය තුළ මතුවූ කරුණුත් සමග තමාට මේ මොහොතේ එම සුදුසුකම් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් බව දන්වමින්.
එහෙත් තමන් තමාගේ සුදුසුකම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී තිබුණා.