/
/
title icon
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිගු කෙරේ
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිගු කෙරේ
News Editor
9 months ago
Share:
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිගු කෙරේ

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතයි.

එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරෙනවා.

මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේදී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දමනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required