/
/
title icon
අත්අඩංගුවට ගත් නාමල් කුමාර රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් නාමල් කුමාර රිමාන්ඩ්
News Editor
1 year ago
Share:
අත්අඩංගුවට ගත් නාමල් කුමාර රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15 වනදා ​​දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

එම හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතෝලික සභාව විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරනු ලැබූ පැමිණිල්ලට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද ඔහු පැවසුවා.

නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයී අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required