
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජනවාරි මාසයේදීත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් යටතේ තවදුරටත් ගෑස් ලබාගැනීමේ හැකියාව පවතින බවයි සමාගම පෙන්වා දෙන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළව පහත පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල දැක්විය හැකියි .
ඒ අනුව 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්ද, 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක්ද, 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්ද වනවා.