
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට හෙට නිවාඩු ලබාදී තිබෙනවා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව පළාත තුළ පාසල්වල මේ දිනවල විභාග පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබු විභාග විෂයන් 25 වැනිදා, එනම් ලබන සෙනසුරාදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.