/
/
title icon
පෞද්ගලික අංශය ගෙන ආ තවත් සහල් තොගයක් රේගුවේ
පෞද්ගලික අංශය ගෙන ආ තවත් සහල් තොගයක් රේගුවේ
Editor
3 months ago
Share:
පෞද්ගලික අංශය ගෙන ආ තවත් සහල් තොගයක් රේගුවේ

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කිරීමට නොහැකිව තව දුරටත් රේගුවේ රඳවාගෙන ඇති බව වාර්තා වනවා. 

සහල් ආනයනයට රජය විසින් ලබා දී තිබු කාලය අවසන් වීම හේතුවෙන් අදාළ සහල් තොගය තවදුරටත් රේගුවේ පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ. 

රට තුළ පැවති සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට  අවසර ලබා දී තිබු අතර එම කාලය පසුගිය 10 වැනිදා අවසන් වුණා. 

එම කාලය තුළ පෞද්ගලික අංශය සහ රජය විසින් සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ 67,000ක් ආනයනය කළා. 

කෙසේ වෙතත්, නියමිත කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව රජය සහ පෞද්ගලික අංශය ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 8,000ක් වරායට ගොඩ බා ඇති බව සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

ඉන් රජයට අයත් සහල් මෙට්‍රික්ටොන් 4,000ක් නිදහස් කර ඇති අතර, පෞද්ගලික අංශ විසින් ගෙන්වු සහල් තොගය නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required