/
/
title icon
රාජ්‍ය ආයතනවලට නිකුත් කළ චක්‍රලේඛයක කරුණු ගැන දැනුම්දීමක්
රාජ්‍ය ආයතනවලට නිකුත් කළ චක්‍රලේඛයක කරුණු ගැන දැනුම්දීමක්
News Editor
1 year ago
Share:
රාජ්‍ය ආයතනවලට නිකුත් කළ චක්‍රලේඛයක කරුණු ගැන දැනුම්දීමක්

77 වැනි නිදහස් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මීට පෙර නිකුත් කළ 01/2025 චක්‍රලේඛයේ ඇතැම් කරුණු ක්‍රියාත්මක නොකරන ලෙස නැවත නිවේදනයක් යොමුකර තිබෙනවා.

පසුගිය ජනවාරි මස චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබුණේ, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 වැනි දින සිට පෙබරවාරි 07 වැනිදා දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.

එමෙන්ම, පෙබරවාරි 03 සහ 04 යන දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණා. 

කෙසේ වෙතත්, විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required