/
/
title icon
අභියාචනාධිකරණයට වැඩබලන සභාපති විනිසුරුවරයෙකු පත්කෙරේ
අභියාචනාධිකරණයට වැඩබලන සභාපති විනිසුරුවරයෙකු පත්කෙරේ
News Editor
1 year ago
Share:
අභියාචනාධිකරණයට වැඩබලන සභාපති විනිසුරුවරයෙකු පත්කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද සිදුකෙරුණා. 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required