AI ලෝකයට අනුව ප්‍රමුඛ පෙළේ පවතින විශාල භාෂා ආකෘති සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු තාක්ෂණික සහ මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය බවට සමාජයේ හා ව්‍යාපාරික ලෝකය තුළ මතයක් පවතී. ඩොලර් බිලියන 500 ක ස්ටාර්ගේට් ව්‍යාපෘතියට සහය දැක්වීමට එක්සත් ජනපද රජය ප්‍රතිඥා දුන් ප්‍රධානත ම හේතුව වූයේ ද එයයි.
නමුත් චීන AI සංවර්ධන සමාගමක් වන DeepSeek මේ වන විට එම අදහස මුලුමනින් ම වෙනස් කර ඇත. 2025 ජනවාරි 20 වෙනිදා DeepSeek විසින් එහි R1 LLM ලෝකයට හඳුන්වා දුන් අතර එය ලොවම කතාබහ කරන මාතෘකාවක් බවට පත් වූයේ අනෙකුත් නිෂ්පාදකයින් සිය නිෂ්පානදයනයන් සඳහා දරන ලද වියදමෙන් කොටසක් පමණක් මේ සඳහා භාවිත කර තිබීම නිසාවෙනි. DeepSeek ද එහි R1 මාදිලිය විවෘත මූලාශ්‍ර බලපත්‍රයක් (open source license) යටතේ ලබා දෙමින් පරිශීලකයන්ට එය නොමිලේ භාවිතා කිරීමට හැකියාව ලබා දී ඇත.
නිකුත් වී දින කිහිපයක් ඇතුළත, DeepSeek AI සහායක -- DeepSeek R1 සඳහා චැට්බෝට් අතුරුමුහුණතක් සපයන OpenAI හි ChatGPT ජංගම යෙදුම අභිබවා Apple හි App Store ප්‍රස්ථාරයේ ඉහළ ම ස්ථානයට පත් වීමට සමත් විය. එලෙස ම භාවිතය සහ ජනප්‍රියත්වය හේතුවෙන් DeepSeek 2025 ජනවාරි 27 වන දින වන විට කොටස් වෙලඳපොල තුළ විශාල පෙරළියක් කිරීමට සමත් විය. මේත් සමඟ ම එක්සත් ජනපදයේ බහුතරයක් වූ AI වෙළෙන්දන්ගේ වටිනාකම් උච්ඡාවචනය වීමේ අවධානමක් පවතින බවට සැක ද පහළ විය. මයික්‍රොසොෆ්ට්, මෙටා වේදිකා, ඔරකල්, බ්‍රෝඩ්කොම් සහ අනෙකුත් තාක්ෂණික දැවැන්තයින්ගෙ ද ආයෝජකයින්ගේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබුණි.
DeepSeek යනු කුමක්ද?

DeepSeek යනු චීනයේ Hangzhou හි පිහිටි AI සංවර්ධන සමාගමකි. සමාගම 2023 මැයි මාසයේ දී Zhejiang විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන Liang Wenfeng විසින් ආරම්භ කරන ලදී. DeepSeek සතු චීනය පදනම් කරගත් ප්‍රමාණාත්මක හෙජ් අරමුදලක් වන High-Flyer ද Wenfeng විසින් සම-ආරම්භ කරන ලදී. වර්තමානය වන විට, DeepSeek High-Flyer හි කොටසක් යටතේ ස්වාධීන AI පර්යේෂණාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ. DeepSeek හි සම්පූර්ණ අරමුදල් ප්‍රමාණය සහ තක්සේරුව මේ වන විටත් ප්‍රසිද්ධියේ හෙළි කර නොමැත.
DeepSeek විවෘත මූලාශ්‍ර (open source) LLM සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. සමාගමේ පළමු මාදිලිය 2023 නොවැම්බර් මාසයේ දී නිකුත් කරන ලදී. සමාගම එහි මූලික LLM මත කිහිප වතාවක් පුනරාවර්තනය කර ඇති අතර විවිධ වෙනස්කම් කිහිපයක් ගොඩනගා ඇත. එමෙන් ම මෙම සමාගම විසින් එහි මාදිලි සඳහා වෙබ් අතුරු මුහුණතක් (web interface), ජංගම යෙදුමක් (mobile application) සහ API ප්‍රවේශය ඇතුළු බහුවිධ සේවාවන් රැසක් සපයා ඇත.
OpenAI හා DeepSeek

DeepSeek යනු OpenAI ට ඇති නවත ම අභියෝගය ලෙස දැක්විය හැක. එය 2022 දී ChatGPT ආරම්භයත් සමඟ ම මෙම කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස ස්ථාපිත විය. OpenAI එහි GPT පවුලේ මාදිලි මෙන් ම එහි o1 පන්තියේ තර්කන මාදිලි සමඟින් උත්පාදක AI කර්මාන්තය ඉදිරියට ගෙන යාමට සහය සපයන ලදි. සමාගම් දෙක generative AI LLMs සංවර්ධනය කරමින් ක්‍රියාත්මක වන අතර මේ ද්විත්වය සඳහා විවිධ ප්‍රවේශයන් ඇත.
| OpenAI | DeepSeek |
|---|---|---|
| Founding year | 2015 | 2023 |
| Headquarters | San Francisco, Calif. | Hangzhou, China |
| Development focus | Broad AI capabilities | Efficient, open source models |
| Key models | GPT-4o, o1 | DeepSeek-V3, DeepSeek-R1 |
| Specialized models | Dall-E (image generation),Whisper (speech recognition) | DeepSeek Coder (coding), Janus Pro (vision model) |
| API pricing(per million tokens) | o1: $15 (input), $60 (output) | DeepSeek-R1: $0.55 (input), $2.19 (output) |
| Open source policy | Limited | Mostly open source |
| Training approach | Supervised and instruction-based fine-tuning | Reinforcement learning |
| Development cost | Hundreds of millions of dollars for o1 (estimated) | Less than $6 million for DeepSeek-R1, according to the company |
එක්තරා පර්යේෂණ පත්‍රිකා වාර්තාවක දක්වා ඇත්තේ DeepSeek තර්ක කිරීමේ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරමින් මහා පරිමාණ ශක්තිමත් කිරීමේ ඉගෙනුම් ප්‍රවේශයක් (open source) භාවිතා කර ඇති බවයි. එමෙන් ම (Reward engineering) පර්යේෂකයන් විසින් වඩාත් බහුලව භාවිතා කරන ස්නායුක විපාක ආකෘති (neural reward models) අභිබවා යන ආකෘතිය සඳහා රීති මත පදනම් වූ විපාක පද්ධතියක් මේ ඔස්සේ නිර්මාණය කර ඇත. කාර්යක්ෂම දැනුම හුවමාරු කිරීමේ ක්‍රම භාවිතා කරමින්, DeepSeek පර්යේෂකයන් විසින් හැකියාවන් බිලියන 1.5ක් තරම් කුඩා ආකෘතිවලට සාර්ථකව මෙය සම්පීඩනය කර ඇත. DeepSeek හි මතුවන හැසිරීම් නවෝත්පාදනය නම් වූ සංකීර්ණ තර්ක රටා ශක්තිමත් කිරීමේ ඉගෙනීම හරහා නිරායාසයෙන් ම ගොඩනැගීමට හැකියාව ඇති බවයි.
DeepSeek එක්සත් ජනපදයට තර්ජනයක් මතු කරන්නේ ඇයි?

DeepSeek-R1 නිකුතුව එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් මතු කර ඇති අතර තාක්ෂණික කොටස්වල සහ කොටස් වෙළඳපොළ විකිණීම් පවා අවුලුවා ලීමට සමත්ව ඇත. 2025 ජනවාරි 27 වන සඳුදා, Nasdaq Composite වෙළඳපොළ විවෘත කිරීමේ දී 3.4% කින් අගයන් පහත වැටුණු අතර Nvidia අගයන් 17% කින් පහත වැටී ඇත. වෙළඳපළ ප්‍රාග්ධනීකරණයෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 600 ක් අහිමි වී තිබුණි. එලෙස ම DeepSeek ඩොලර් මිලියන 6 කට වඩා අඩු මුදලකට තම R1 මාදිලිය නිපදවා ඇති බව ප්‍රකාශ කිරීම, අඩු වියදම් සංවර්ධනය AI සඳහා බිලියන ගණනක් ආයෝජනය කර ඇති එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල ව්‍යාපාරික ආකෘතියට තර්ජනයක් වීම, DeepSeek ද OpenAI ට වඩා පරිශීලකයින්ට ලාභදායී වීම, එක්සත් ජනපදයෙන් ඉහළ ම කාර්ය සාධනයක් සහිත AI ත්වරණකාරක සහ GPU චිප් අපනයනය චීනයට සීමා කර ඇතත් වඩාත් ම දියුණු එක්සත් ජනපද තාක්‍ෂණයට ප්‍රවේශය නොමැතිව ප්‍රමුඛ පෙළේ AI සංවර්ධනය කළ හැකි බව DeepSeek පෙන්වා දී තිබීම ආදි හේතු සාධක නිසා ද මෙය ලෝක බලවතාට ප්‍රභල අභියෝගයක් වී ඇත. එපමණක් නොව DeepSeek නොමිලේ ක්‍රියාත්මක වීම නිසා AI සේවා සඳහා මාසික ගාස්තු අය කරන එක්සත් ජනපද සමාගම්වල ආදායම් ආකෘතියට ද මෙය බලපෑමක් වී ඇත.
කෙසේනමුත් ආසියාතික රටක් වශයෙන් චීනය මේ තැබූ නව පියවර පිළිබඳව අපට ද සතුටු විය හැක. DeepSeek AI ඍජුව ම එක්සත් ජනපද තාක්ෂණික ආධිපත්‍යයට එල්ල කළේ අභියෝගකි. ඇ.එ.ජ්. එයට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න පිළිබඳව ලොව ම දෑස් යොමු කරගෙන සිටිනු ඇත. මෙම ඓතිහාසික අවස්ථාව තාක්ෂණික ආයෝජකයෙකු වන Marc Andreessen හඳුන්වා ඇත්තේ "ස්පුට්නික් මොහොත" (Sputnik moment) ලෙසයි. එලෙස ම ඔහු එය 1950 ගණන්වල සෝවියට් සංගමයේ අභ්‍යවකාශ තරණ ජයග්‍රහණය හා සසඳන ලදී.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි