ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382ක් වනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබෙනවා.