සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත කඩිනමින් යථා පරිදි ඛනිජ තෙල් ඇණවුම් ලබා ගන්නා ලෙස දන්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසනවා.
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, හෙට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳ සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.