/
/
title icon
බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් සභාපති අතර සාකච්ඡාව අද
බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් සභාපති අතර සාකච්ඡාව අද
News Editor
1 year ago
Share:
බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් සභාපති අතර සාකච්ඡාව අද

‍ඛනිජ තෙල් බෙදුම්කරුවන්⁣ගේ සංගමය සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරුවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. 

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් 3%ක වට්ටම අඩු කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබු අතර එය ඊයේ රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට එම සංගමය තීරණය කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required